සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත්මත් විදු බිමක් බවට පත්ව ඇත.
J.R.ජයවර්ධන මහතාගේ පාලන කාලයේ පාසලේ ඉතිහාසය කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙම පාසල 1984.09.10 වන දින මධ්‍ය විද්‍යාලයක් බවට පත් විය. 1984.09.10 වන දින වවුනියා දිස්ත්‍රික් අමාත්‍ය ජි.ඩි.මහින්දසෝම මහතා අතින් මෙම පාසල මධ්‍ය විද්‍යාලයක් ලෙස විවෘත කෙරුණු අතර ප්‍රථම විදුහල්පති ලෙස දි.මු.පියදාස මයා පත් කෙරුණි.මෙම පාසලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පංති පරාස පැවතුණු අතර ගොඩනැගිලි ප්‍රමාණය 15 ක් ද,ගුරු නිවාස 05ක්ද විය.ආරම්භක ගුරු සංඛ්‍යාව 16 දෙනෙකු හා ශිෂ්‍ය සංඛ්‍යාව 317කි.
එවකට අධ්‍යාපන අධ්‍යක්ෂක නන්දසේන ලපුතලේ මහතා වන අතර කිරව මාණ්ඩලික අධ්‍යාපන නිළදාරි ලෙස බී.ගුණවර්ධන මහතා සේවය කරන ලදී.එවිට 06 සිට13 දක්වා පන්ති පැවති අතර අ .පො.ස.උ.පෙළ කලා විෂය ධාරාව ආරම්භ වී ඇත. අ.පො.ස.උ.පෙළ.වාණිජ විෂය ධාරාව 2004 වර්ෂයේ දී ආරම්භ විය.2015 වර්ෂයේ දී උ.පෙළ.ගණිත,විද්‍යා,තාක්ෂණවේදය විෂය ධාරාවන් ද ආරම්භ විය.

මෙම විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍යා වූ ඩි.එම්.උබේසේකර මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයයෙකු ලෙස කටයුතු කරයි.මෙම පාසල මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් වූයේ කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයත් සමගය.1988 වර්ෂයේ පර්ෂද මුලස්ථ පාසලක් බවට පත් වූ අතර 2008.04 .07 වන දින ඉසුරු පාසලක් බවට තේරී පත් විය . 2012 වර්ෂයේ දී මහින්දෝදය විද්‍යාගාරයත් 2013 වර්ෂයේ මහින්දෝදය තාක්ෂණාගාරයත් ස්ථාපිත කරන ලදී.මෙම පාසල 2015 වර්ෂයේ දී ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය සඳහා තේරී පත් විය .
2021.06.15 වන දින ජාතික පාසල් දහසක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උ.මැ.ප/අනු/කැකි /පලා /අ /ගල්කිරියාගම මධ්‍ය මහා විද්‍යාලය අ/ගල්කිරියාගම ජාතික පාසල ලෙස තේරී පත් විය.
|
ආරම්භ කළ වර්ෂය |
1984.09.10 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
16 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
317 |
|
මුල් ගුරුතුමාගේ නම |
දි.මු.පියදාස මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
අධ්‍යාපන අධ්‍යක්ෂක නන්දසේන ලපුතලේ මයා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
15 |
|
පාසලේ නම |
ගල්කිරියාගම මධ්‍ය මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
දි.මු.පියදාස මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1984.09.10 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ගල්කිරියාගම මධ්‍ය මහා විද්‍යාලය |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඩි.එම්.උබේසේකර මහතා |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ඊ. එම්. ශ්‍රියානි ඒකානයක |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1984.09.10 |